සිංහලෙන් බ්ලොග් කිරීම

•ජනවාරි 7, 2011 • ප්‍රතිචාරයක් ලබාදෙන්න

සිංහල බ්ලොග් කියවගෙන යනකොට මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් පටන් ගන්න. ඒත් මේ බ්ලොග් එකේ ඉස්සරහට මොනව ලියන්නද කියලා තවම හරියට අදහසක් නැහැ. මම දැනටමත් ඉංග්‍රීසියෙන් බ්ලොග් එකක් කරගෙන යනවා http://www.nipunablogs.wordpress.com වල. කැමතිනම් බලලා subscribe කරන්න. Open-mouthed smile

ඇත්තටම සිංහල බ්ලොග් මම හිතුවට වඩා ඉන්නේ ගොඩක් ඉස්සරහින්. සිංහල බ්ලොග් කියවනයට ගිහින් බැලුවොත් සිංහල බ්ලොග් සිය දහස් ගණන් හොයා ගන්න පුලුවන් (අනික් “ලු” යන්න unicode වල නැහැ වගේ!)

කියවන්න කැමති අයට කියවන්න සිංහලෙන් බ්ලොග් දහස් ගාණක් තියෙද්දී මම සිංහලෙන් බ්ලොග් එකක් පටන් ගන්න තීර්ණය කරේ:

  • කාලය නාස්ති කරන්න: Smile with tongue out කව්රු කොහොම කිවුවත්, බ්ලොග් ලියන ගොඩක් දෙනා ඒවා ලියන්නේ කාලය නාස්ති කරන්නයි. වෙන කරන්න වැඩ දහසක් තියෙනකොට, කාලය නාස්ති කරන්න මොකක් හරි නිදහසට කරුණක් ඔනෑ වෙනවා. ඔන්න එතකොට ඒ අය (මං වගේ) බ්ලොග් එකක් පටන් අරගෙන ඒක “කාලය නාස්ති කිරීමේ යහපත් මාධ්‍යයක්” හැටියට පාවිච්චි කරනවා.
  • සිංහලෙන් ලියන්න (නැවත) හුරුවෙන්න: මේක කියවගෙන යන ඕනෙ කෙනෙක්ට තේරෙනවා මට සිංහලෙන් ලියන එක එච්චරම හුරු නැහැ කියලා. මම 7 වසර වෙනකන් ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන්. ඒත් ඊට පස්සේ ඉංග්‍රීසි මාධ්‍යයට මාරු උනා. ඊට පස්සෙ සිංහලෙන් ලියන්න උනේ ගොඩක් අඩුවෙන්. ඒ නිසා මගේ සිංහල ලිවීමේ හැකියාව ගොඩක් පිරිහිලා ගිහින්. ව්‍යාකරණ නම් මුකුත්ම මතක නැහැ. අමාරුවෙන් හරි මොනවා හරි ලිවුවේ නැත්නම් දන්න සිංහල ටිකත් අමතක වෙයි කියලා බයයි.Smile with tongue out
  • අන්තර්ජාලයේ සිංහල වෙබ් අඩවි ගොන්නට පුලුවන් තරමින් දායක වෙන්න: සිංහලෙන් අනන්තවත් බ්ලොග් තිබුණට, සමහර දේවල් ගැන ලියවිලා තියෙන්නේ ඉතාම අඩුවෙන්. මට පුලුවන් හැටියට, මොනවා හරි කලින් සිංහලෙන් නොලියවුණු දෙයක් සිංහලෙන් ඉදිරිපත් කරන්න පුලුවන් නම් මං හිතන්නෙ ඒක ගොඩක් වටින දෙයක්.

මම ඉස්සරහට ලියන දේවල් කියවන්න කැමතිනම්, මේ බ්ලොග් එකට subscribe කරන්න. (අකමැති වුණත් කමක් නැහැ, subsceibe කරන්න! Smile with tongue out ) කොහොම වුණත්, මේ බ්ලොග් එකේ comment කරන කොට (සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්), කරුණාකරලා කිසිම කෙනෙකුට අපහාස නොවෙන විදිහට, පරුෂ වචන පාවිච්චි නොකර comment කරන්න වග බලා ගන්න!

ස්තූතියි! Open-mouthed smile

Hello world!

•ජනවාරි 6, 2011 • එක් ප්‍රතිචාරයක්

Welcome to WordPress.com. This is your first post. Edit or delete it and start blogging!